නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව චීන තානාපති යී සියැංලින්ග් (Yi Xianliang)ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවේ

    අප්‍රේල් 23, 2015

    ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත්වූ යී සියැංලිංග් (Yi Xianliang) මහතා අද (23) ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මුණ ගැසිණි.

    මෙහිදී චීන තානාපතිවරයා හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර සුහද සාකච්ඡාවක් පැවති අතර එහිදී මහජන චීන සමූහාණ්ඩුව මෙරට සංවර්ධන කටයුතු වෙනුවෙන් හා මෙරට ආරක්ෂක අංශ වෙනුවෙන් ලබාදෙනු ලබන දායකත්වය පිළිබඳ ව රුවන් විජයවර්ධන මහතා විසින් චීන රජයට සිය ප්‍රසංශාව පුද කර සිටියේය. 
     
    එසේම නව ධුරයේ වැඩකටයුතු සාර්ථකව සිදු කරගෙන යාම සඳහා යී සියැංලිංග් මහතාට සිය සුබපැතුම් පිරිනමන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.
     
    සාකච්ඡාව අවසානයේ දී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා යී සියැංලිංග් මහතා හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා අතර සමරු ඵලක හුවමාරු කර ගැනිමක් ද සිදු කරන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya