නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනාන්තර සංරක්ෂණය පිළිබඳ ව පූනහරි හි දැනුවත් කිරීමක්

    අප්‍රේල් 23, 2015
    කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ මගපෙන්විම මත 661 බලසේනාව, 5 වන (ස්වේච්ජා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ 66 වන සේනාංක මුලස්ථානය පුනරින් ප්‍රදේශයේ දී වනාන්තර සංරක්ෂණය පිළිබඳ ව දැනුවත් කිරීමේ තෙදින වැඩසටහනක් සංවිධානය කර තිබුණු අතර, මේ සඳහා හමුදා නිලධාරීන්, පොලිස් සාමාජිකයන්, සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන් ම ගම්වැසියන් 350ක් පමණ සහභාගි වූහ. 
     
    මෙහිදි වනාන්තර සංරක්ෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් දැව ජාවාරම්,  වගා කටයුතු සඳහා කැලෑ එළි කිරීම ආදිය පිළිබඳ දැනුවත් කරන ලදි.
     
    19දා සිට 21 දක්වා පැවති මෙම වැඩසටහනේ දේශන, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය කේ. කරුණාතිලක සහ පුනහරි වන සංරක්ෂණ කාර්යාලයේ වනජිවී නිලධාරී තනිගසම් මහතා මෙන් ම තවත් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් පවත්වන ලදි. 
     
    සිවිල් වැසියන් 350 කට අධික පිරිසක්, වන සංරක්ෂණ නිලධාරීන්, 661 බලසේනාවේ ආඥාපති, පුනරින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, පුනහරි පොලිස් ස්ථාන භාර නිලධාරී, 66 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී මෙන් ම තවත් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම දේශණ සඳහා සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya