ඒ අනුව ලබන 25 වන දින දක්වා එම කාලය දීර්ඝ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුවේය.
මීට පෙර අප්‍රේල් 02 වන දින සිට අද (16) දක්වා සේවයෙන් පළාගිය හමුදා සෙබලුන් හට නීත්‍යානුකූලව ඉවත් වීමට කාලය ලබා දී තිබුණි.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් බ්‍රිගේඩියර් ජයවීර මහතා ප්‍රකාශ කර සිටියේ යුධ හමුදාව වෙතින් අස්කිරිමේ කටයුතු කඩිනමින් සිදුකරණ බවත් මේ දක්වා අස්කිරීම් කටයුතු වෙනුවෙන් අදාළ රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත රපොර්තු නොකරන ලද නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටින සෙබළුන් හට හැකි ඉක්මනින් සිය රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙසත් එම කටයුතු කඩිනමින් සිදුකර ගැනීමට කටයුතු කරන ලෙසත්ය.