තවදුරටත් මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූවේ හම්බන්තොට වරාය සඳහා ලාභ අලාභ ගිණුමක් මේ දක්වා නැති බවත් එය පවත්වාගෙන යන්නේ කොළඹ වරායේ ලාභ අලාභ ගිණුම යටතේ බවත් ය.
එහි දත්තවලට අනුව 2012 වසරේ හම්බන්තොට වරායේ සමස්ත වියදම රුපියල් මිලියන 812ක් වේ. එහෙත් ලැබූ ආදායම රුපියල් මිලියන 135ක් පමණි. මේ හේතුවෙන් 2012 වසරේදී හම්බන්තොට වරායෙන් සිදු වූ සමස්ත අලාභය රුපියල් මිලියන 678ක් වේ.
කෙසේ වෙතත් හම්බන්තොට වරායෙන් සිදු වූ එම පාඩුව පියවා ඇත්තේ කොළඹ වරායේ ආදායමෙනි. එයින් කොළඹ වරායේ සංවර්ධන ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල වූ බව ද අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීහු පෙන්වා දුන්හ.
මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී වැඩිදුරටත් අනාවරණය වූයේ පසුගිය කාලයේදී ඒකපාර්ශවීය යෝජනා සහ බාහිර ව්‍යාරපෘති ක්‍රියාත්මක කිරීමේදී වරායේ මුදල් විශාල වශයෙන් නාස්ති වී ඇති බවයි. ඉදිරියේදී එවැනි නාස්තිකාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළ යුතු බවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පසුගිය කාලයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සිදු වූ දූෂණ වංචා සෙවීමට සිංහල - හින්දු අලුත් අවුරුද්දෙන් පසුව විශේෂ කමිටුවක් පත් කරන බවයි. පසුගිය කාලයේදී ගුවන් සේවාවේ සිදු වූ දූෂණ වංචා සෙවීමට තමන් පත් කළ කමිටුවේ වාර්තාව සේම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දූෂණ වංචා සෙවීම සඳහා පත් කිරීමට යෝජිත කමිටුවේ වාර්තාවෙන් ද වැදගත් කරුණු රැසක් අනාවරණය වනු ඇතැයි අර්ජුන රණතුංග අමාත්‍යතුමා විශ්වාසය පළ කළේය.
පසුගියදා (09) පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට අමාත්‍යංශ ලේකම් එල්. පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලක්දාස් පනාගොඩ, නැව් සංස්ථාවේ සභාපති ශෂී ධනතුංග යන මහත්වරු ද සහභාගි වූහ.
SDF