නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදත් දහවලට හවසට දිවයිනේ තැනින් තැන වැසි

    අප්‍රේල් 15, 2015

    අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා සහ මීගමුව සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද තැනින් තැන වැසි  ඇති විය හැක.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

     

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (15), දහවල් 12.11ට අන්නලදූව, යාපනය සහ  ඔඩ්ඩුවේලි යන නගර වලට හිරු මුදුන්ව පවතී.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya