නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජුනි මස සිට සිගරට් පැකට්ටුවේ 80%ක රූපමය අවවාද

    අප්‍රේල් 15, 2015

    සිගරට් පැකට්ටුවේ සියයට 80ක් ආවරණය වන පරිදි රූපමය අවවාද පළ කිරීම ක්‍රියාත්මක කිරීම එළඹෙන ජුනි මස සිට ක්‍රියාත්මක කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

     

    සිගරට් පැකට්ටුවේ කවරයේ සියයට 80ක ඉඩක් රූපමය අවවාද සඳහා වෙන් කිරීමේ අනුමැතිය පසුගියදා පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත විය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ දින සියයේ වැඩපිළිවෙලේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද මෙය ඇතුළත් වේ.

     

    සිගරට් පැකට්ටුවේ කවරයේ අඩංගු විය යුතු රූපය තෝරා දීමට අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සහ පුර්වජ රසායන පාලන අධිකාරියට බලය ඇති බවත් එහිදී මුඛ පිළිකා වැනි ඉතා දරුණු රෝග පෙන්වන රූප තෝරා දීමට පියවර ගන්නා බවත් අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සහ පුර්වජ රසායන පාලන අධිකාරියේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya