12 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එන්.එම්. වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ 4 වන සංවත්සර සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක වූ අතර ක්‍රිකට්, අත්පන්දු සහ කඹ ඇදීම, වොලිබෝල් ආදි ක්‍රීඩා ඇතුළත් ක්‍රීඩා තරගාවලියෙන් මෙම වැඩසටහන් මාලාව ආරම්භ විය.
සංවත්සරයට සමගාමිව ආගමික වතාවත් පවත්වන ලද්දේ කතරගම කිරිවෙහෙර සහ කතරගම දේවාල පරිශ්‍රයේදීය.
මෙම සේනාංකයේ සෙබළුන් විසින් හම්බන්තොට ‘සරණ’ දෘෂ්‍යාබාධිත වැඩිහිටි නිවාසය වෙත දිවා ආහාර වේලක් ද පිරිනැමූ අතර 12 වන සේනාංකයේ සේකාංකාධිපති එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ත්‍යාග පාර්සල් ද ලබාදෙන ලදී.
සංවත්සරයට සමගාමීව හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත 12 වන සේනාංක මූලස්ථානයේදී එම සේනාංකාධිපති වෙත ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාළියක් ද පිරිනැමීය.
NDH/army.lk