ඒ අනුව සම්බා වී කිලෝ 1977ක් සහ නාඩු වී කිලෝ 205796ක් වශයෙන් වී කිලෝ 207773 ක් මිල දී ගෙන ඇත. එහි දී සම්බා වී කිලෝවක් රුපියල් 50 ක මුදලකට සහ නාඩු වී කිලෝවක් රුපියල් 45 ක මුදලකට මිල දී ගෙන ඇත.
මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති, ජාතික පොහොර ලේකම් කාර්යාලය, මාතර දිස්ත‍්‍රික් කාර්යාලය සහ වී අලෙවි මණ්ඩලය යන ආයතනවල සම්බන්ධීකරණයෙන් මාතර දිස්ති‍්‍රක්කයේ වී මිල දී ගැනීමේ කටයුතු සිදු කෙරිණි.
වී අතිරික්තයක් සහිත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මූලික කර ගනිමින් වී මිල දී ගැනීමේ කටයුතු සිදු කරන ලද අතර මිලදී ගන්නා ලද වී තොග මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ අධීක්‍ෂණය යටතේ මේ වන විට මාතර මැද්දවත්ත වී ගබඩා සංකීර්යේ ගබඩා කර ඇති බව සහකාර අධ්‍යක්‍ෂ කීර්ති ලියනගේ මහතා පැවසී ය.
SDF/WMTI_dmu_Mathara