නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නගර සැලසුම්කරණය හා පාලනය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

    අප්‍රේල් 07, 2015
    නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය, සිංගප්පූරු සහයෝගිතා ව්‍යාපාරය, ටෙමාක්ස් පදනම හා සජීවි නගර සඳහා වූ මධ්‍යස්ථානය ඒකාබද්ධව දියත් කරන නගර සැලසුම්කරණය හා පාලනය සම්බන්ධ ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේ නිලධාරීන් සවිබල ගැන්වීමේ තෙදින වැඩමුළුව ඊයේ (06) නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ආරම්භ විය.
     
    මෙහිදී සිංගප්පූරුව නියෝජනය කරමින් පැමිණි සම්පත් දායක ආයතනය සමඟ විශේෂ සහයෝගිතා ගිවිසුමකට ද එහිදී නාගරික සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ එම නියෝජිතයන් විසින් අත්සන් කරනු ලැබීය.
     
    මෙම සවිබල ගැන්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ සිංගප්පූරුවේ සංවර්ධන අත්දැකීම් හා විශිෂ්ඨ ක්‍රියාකාරකම් හුවමාරු කර ගැනීමේ සමෝධානික මූලික සැකැස්ම සකස් කිරීමේ දී සහ නාගරික සංවර්ධන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාවේ නිලධාරීන් 150දෙනෙකු නිපුණතාවයෙන් සන්නද්ධ කිරීමයි. මෙම වැඩසටහන සඳහා සිංගප්පූරු සහයෝගිතා ව්‍යාපාරය, ටෙමාක්ස් පදනම, සජීවි නගර සඳහා වූ මධ්‍යස්ථානය පූර්ණ අනුග්‍රහය සපයනු ලබන අතර මෙහිදී නිවාස නිර්මාණ ප්‍රජා සවිබල ගැන්වීම, ජලය, යටිතල පහසුකම් සංවර්ධනය සහ හරිත නගර සංකල්පය ක්‍රියාවට නැංවීම යන මූලික සමෝධානික සැලැස්ම සමාලෝචනය මෙන් ම රජයේ ඉඩම් අළෙවිය පිළිබඳ ව ද මෙම වැඩමුළුවේ දී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට හා අධ්‍යනය කිරීම මෙන් ම දැනුම බෙදාගැනීමට ද නියමිතය.
     
    නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, සිංගප්පූරු සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රධානී කොං වයි මුන්, ටෙමාක්ස් පදනමේ ප්‍රධානී බෙනඩික්ට් චෙයොංග්, සජීවි නගර සඳහා වූ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජූලියන් ගෝ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් නයන මාවිල්මඩ සහ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති එම්.එච්.එම්. සල්මන් යන මහත්වරු ඇතුළු මෙරට නාගරික සංවර්ධන ක්ෂේත්‍ර යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya