අදාළ බදු සහන යළි ලබා ගැනීම වෙනුවෙන් ශී‍්‍ර ලංකාව සහ යුරෝපා සංගමය මනා අවබෝධයකින් යුතු වැඩපිළිවෙළකට අවතීර්ණ වී සිටින බව ඔහු පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ පවතින ප‍්‍රඥප්තිය අනුව එම වැඩපිළිවෙළ දියත් කිරීමට අපේක්ෂිතය.
මානව හිමිකම් ආරක්ෂා වීම, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ප‍්‍රතිපත්ති හා රටේ යහපාලනය වැනි දෑ මේ ඔස්සේ අවධානයට ලක්වේ.
එවැනි ප‍්‍රඥප්තිවලට අනුකූලව ශී‍්‍ර ලංකාව කි‍්‍රයා කරයි නම් අදාළ බදු සහන ලබාදීමට සූදානම් බවත් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව සහ යුරෝපා සංගමය එකඟතාවයකින් පසුවන බවද අස්ටුතෝ මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කමිටුවක් මඟින් සිදු කෙරෙන අතර එම අදාළ කමිටුවේ නිර්දේශයන් මත ඉදිරියේදි කටයුතු කිරීමට නියමිතය.
වත්මන් රජය ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකාව මේ වන විට මානව හිමිකම් ආරක්ෂා කිරීම් සම්බන්ධයෙන් සාධනීය ප‍්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ද උගෝ අස්ටුතෝ මහතා සඳහන් කරයි. එසේම ශී‍්‍ර ලංකාවේ යුද්ධය පැවති අවසන් කාලයේ සිදුවුවා යැයි කියැවෙන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික නියමයන්ට අනුකූලව විමර්ශනයක් සිදුකිරීම වැදගත්වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
kpm