නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා කැනඩාවේ සහාය අඛණ්ඩව

    අප්‍රේල් 06, 2015

    ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විනාශ වූ උතුරු බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා කැනඩාව, නොකඩවා සහාය ලබාදීමට කටයුතු කරන බව ‘බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්ය සඳහා බිම් බෝම්බ පිළිබඳ දැනුවත් කිරීම් හා සහය ලබා දීම සඳහා වූ ජාත්‍යන්තර දිනය‘ වන අප්‍රේල් 4 නිමිත්තෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කැනඩාවේ මහ කොමසාරිස් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරන ලදී.

     

    ශ්‍රී ලංකාවේ මන්නාරම් දිස්ත්‍රික්කයේ පවුල් 500 කට වැඩි සංඛ්‍යාවක් නැවත පදිංචි කිරීමට බෙහෙවින් ඵලදායීවන හෙක්ටයාර 1000 කට වැඩි වගා බිම් බිම්වල බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා Mines Advisory Group (MAG) හි කටයුතු වෙත සහාය දැක්වීමට කැනඩාවේ රජය විසින් ඩොලර් 850 000 ලබා දීමට නියමිතය.

     

    මෙම අරමුදල් රටේ ආරක්ෂිත බිම් ගොඩනැගීම සඳහා බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලට ඉවහල් වනු ඇති අතර බිම් බෝම්බ නිසා පීඩාවට පත් ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට යම් කාර්යභාරයක් ඉටු කිරීමට ද සහය දක්වනු ඇතැයි කැනඩාවේ මහ කොමසාරිස් ෂෙලී වයිටින්ග් මහත්මිය පැවසුවාය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya