මොරටුව විශ්ව විද්‍යාලය විසින් මෙහි නගර සංවර්ධන සැලසුම් සකස් කරනු ලබයි. මොරගොඩ ඇළ, නගර සභා සීමාව ඇති සියලුම කාණු සකස් කිරිම, ගාමිණී මාවත, හැලොක් පාර, ගාල්ල කොටුව සංවර්ධනය, ගාල්ල මුහුදු තීරය සංවර්ධනය, නගර පොලිස් ස්ථාන සකස් කිරීම මේ අනුව සිදු කිරීමට අපේක්ෂා කරන සංවර්ධන ව්‍යාපෘති වේ.
මෙම නගර සංවර්ධන ක්‍රියාවලියේ දී මාස නවයක් තුළ සකස් කරන තීරණ මත ජනතාවගේ අදහස් ද ලබා ගෙන ඒ අනුව, සැලසුම් ඉදිරිපත් කළ යුතුව තිබේ.
ගාල්ල නගරය ඔන්න හදනවා මෙන්න හදනවා කී නමුත් හැදුනේ නැති බවත් මේ නිසා, ගාල්ල නගරය සංවර්ධනය කිරීමට පක්ෂ භේදයෙන් තොරව සියලුම පක්ෂවල හා සියලුම දෙනාගේ ගාල්ල වෙළෙඳ ප්‍රජාවගේ සහයෝගය හා කරුණු කාරනා ගෙන මෙය සකස් කළ යුතුව තිබෙන බවත් ජනමාධ්‍ය ඇමති ගයන්න කරුණාතිලක මහතා මෙම රැස්වීමේ දී කීවේ ය.
ගාල්ල සුවිශේෂ නගරයක් බැවින් විද්වතුන් ගේ ද සහයෝගය ඇතිව නගර සංවර්ධනය සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
SDF