නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ව දැනුවත් කිරීමක් රත්නපුරේ දී

    මාර්තු 24, 2015
    මහජනතාව වෙත තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමේ අරමුණින් නව රජය විසින් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව 29දා රත්නපුර සිල්වරේ හෝටලයේ දී පැවැත්වේ.
     
    පෙරවරු 9.00 සිට පස්වරු 1.30දක්වා පැවැත්වෙන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ජනමාධ්‍ය අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
     
    මෙහි පළමු දැනුවත් කිරීමේ වැඩසටහන කොළඹ දී පැවැත්විය. ජනමාධ්‍ය අමාත්‍යංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබයි.
     
    මෙහි පළමු දැනුවත් කිරීමේ වැඩමුළුව ගාල්ලේ දී පැවැත්විණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya