නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහ පාලන ප්‍රතිපත්තිය අකුරට ම ක්‍රියාත්මක කරනවා - සමෘද්ධි අමාත්‍ය

    මාර්තු 13, 2015
    නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය තුළ හා එම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන, දෙපාර්තමේන්තු තුළ යහ පාලන ප්‍රතිපත්තිය අකුරට ම ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යාංශය තුළ සිදුකරන සියලු මුල්‍ය ගනුදෙනු මනා විනිවිදභාවයෙන් සිදුකරන බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    තමා සිදුකරන සමාජ සුබසාධන වැඩසටහන් නොරිස්සන ඇතැම් කණ්ඩායම් තමාගේ චරිතය ඝාතනය කිරීමේ පිඹුරුපත් සකසමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ තංගල්ල, නෙටොල්පිටිය, මැදගම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට ඊයේ (12) ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවෙමිනි.
     
    සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක "සසුනට අරුණ" වැඩසටහන යටතේ තංගල්ල, නෙටොල්පිටිය, මැදගම බෞද්ධ මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා අමාත්‍යවරයා විසින් මෙහිදි රුපියල් 92,000ක් වටිනා සිමෙන්ති කොට්ට ප්‍රදානය කරන ලදී. අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මේ සඳහා මුල්‍ය දායකත්වය සැපයීය.
     
    මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිහාල් වෙදආරච්චි, ත්‍රීසිංහ ගාමිණි, තංගල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කිත්සිරි සායක්කාර, එහි මන්ත්‍රී උපාලි පලිහක්කාර යන මහත්වරු, ප්‍රදේශවාසිහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya