නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානසික අසහනය දුරු කරලීමේ විශේෂ දේශනයක් නුවරඑළියේ දී.

    මාර්තු 13, 2015

    නුවරඑළිය ග්‍රාම නිලධාරී වසමේ පසුගිය නාය යෑමේ අවධානම හේතුවෙන් කඳවුරුවල ජීවත් වන ජනතාවගේ මානසික අසහනය දුරු කරලීමේ අරමුණෙන් සංවිධානය කෙරුණු විශේෂ දේශනයක් ඊයේ (12) මහනුවර මහ රෝහලේ මනෝ වෛද්‍ය උපදේශක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් විණි.

    නුවරඑළිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය විසින් මෙම දේශනය සංවිධානය කළ අතර පීඩෘ රාජ්‍ය නොවන ආයතනය විසින් මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්විය.

     

    අවතැන් වූ සහ අවධානම් කලාප ආශ්‍රිතව දිවි ගෙවන පවුල් 54කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වී සිටිය හ. ස්වකීය ආවේගශීලී ගති පැවතුම් සහ ස්වකීය දින චරියාවේ අයහපත් හැසිරීම් රටාව තමන්ගේ ජීවිතයට සහ තමන්ගේ පවුලේ සාමාජිකයන්ට ද මහත් බලපෑමක් සිදු කරන බව වෛද්‍යතුමා විසින් උදාහරණ සහිතව ඉදිරිපත් කළේය.

     

    බහු ජාතික සමාගම් නිසාවෙන් ස්වකීය සරල ජීවන රටාව දැඩි අර්බුධකාරී තත්වයන්ටත් එය ක්‍රමිකව දරුවන්ගේ ජීවිතය සහ අධ්‍යාපනික පැවැත්මට ද දැඩි බලපෑම් සිදු කරන බවටත් මෙහි දී විශේෂයෙන් සඳහන් කෙරිණි. එබැවින් පවුල් ජීවිත අතර සවිමත් අන්‍යෝන්‍ය සබඳතාවයක් පවත්වා ගැනීමේ වැදගත් කම වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් පෙන්වා දෙන ලදී.

     

    මේ වන විට අවධානම් කලාපයන් හි දිවි ගෙවන පවුල් වෙනත් ස්ථානයන් හි පදිංචි කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක වේ.
    MAP/SH_dmu_n'eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya