අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පසුගියදා ශ්‍රී ලංකා ජාතික රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 75කට අධික මුදලක් වැයකොට ජාතික රෝහලේ සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සිදු කෙරිණි. හෘද රෝගීන් සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද 71 වාට්ටුව විවෘත කිරීමත්, රාත්‍රී කාලයේ සෞඛ්‍ය සේවාවන් ලබාදීම සඳහා ස්ථාපිත කරන ලද අතිනවීන පහසුකම්වලින් සමන්විත රසායනාගාරය විවෘත කිරීමත්, සෙම් රෝග සඳහා ලේසර් ප්‍රතිකාර කිරණ ඒකකයත් රෝගී සත්කාර සේවාවන් සඳහා ජනතා අයිතියට පත්කිරීමත් මෙහිදී සිදුවිය.
මේ අවස්ථාවේ අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, ජාතික රෝහල අපිට තිබෙන ජාතික සම්පතක්. අධ්යක්ෂ ජනරාල්වරයා මෙය වෙනම රෝහල් චතුරශ්රයක් කිරීමට පසුගිය කාලයේ අපිත් එක්ක කතා කළා. ඒ අනුව මෙය චතුරශ්රයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශවලට නියෝග දීලා තියෙනවා. ඒ සඳහා කොළඹ ජාතික රෝහලේ දැනට තිබෙන යටිතල පහසුකම් දියුණු කරන්න ඕනෑ. ඒ වගේම ජාතික රෝහලට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබාදෙන්නට අවශ්‍යයි. එසේ ලබාදීම මඟින් මෙම රෝහල තවත් ඉතා දියුණු තත්ත්වයට ගැනීමට හැකිවෙනවා.
පසුගිය කාලයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාල සංවර්ධනයක් වුණා. ඒ වගේම ඉදිරියට ජාතික රෝහලේ සංවර්ධන කටයුතුවලදී බාහිර රෝගී ප්‍රතිකාර අංශය තට්ටු 25ක සංකීර්ණයකට සැලසුම් කළත් පසුකලෙක ඒක තට්ටු 09කට අඩු වුණා. මම ආපු හැටියම ඒක තට්ටු 25ට ම හදන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා කිව්වා. ඒ සඳහා චීන රජයත් එක්ක අවශ්‍ය මුදල් ලබාගැනීම සඳහා රජය කටයුතු කරනවා.
අපේ හෘද රෝග අංශය පරණ තත්ත්වයේ ම තිබෙන්නේ. ඉතාමත් පැරණියි. හෘද රෝග සඳහා නව සංකීර්ණයක් අවශ්‍යයි. ඒ සඳහා තිබූ ඉඩම් ප්රශ්නය විසඳන්න කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් බොහෝ රටවලින් ලබාදෙන්න පොරොන්දු වුණා. චීනය, කොරියාව, ඇමරිකාව වැනි රටවල තානාපතිවරුන් ඒ සඳහා මුදල් ලබාදෙන්න පොරොන්දුවෙලා තිබෙනවා. ඇමරිකානු රජයට ඒ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. එය මම නිරාකරණය කළා. ඒ අනුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත් අපේ සෞඛ්‍ය සේවාව දියුණු කරන්න මුදල් දෙනවා . අපේ මුදල් ඇමතිතුමා ඇමරිකාවට ගොස් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් හා ලෝක බැංකු නියෝජිතයන් හමුවුණ වෙලාවේත් කියලා තිබෙනවා ශ්‍රී ලංකාවට මුදල් ලබාදෙනවා කියලා. ඉන් විශාල මුදල් ප්‍රමාණයක් ලබාදෙන්නනේ සෞඛ්‍ය සේවාවටයි. චීන රජය අපිට පොරොන්දුවෙලා තිබෙනවා රුපියල් බිලියන 10 ගානේ අවුරුදු 03කට රුපියල් බිලියන 30ක් ලබාදෙන්න. ඒ නිසා අපිට පුළුවන්වෙයි ජාතික රෝහලේ ඉතුරු අඩුපාඩු එම මුදල් පාවිච්චි කර සම්පූර්ණ කිරීම තුළින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදෙන්න යැයි පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
NDH