විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළේ, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා උතුරු මැද පළාත් ශ‍්‍රවණාගාරයේදී පැවති රැස්වීමේදී ය.
දැනට පවත්වාගෙන යන පිළිකා රෝග ප‍්‍රතිකාර ඒකකයේ කාර්යයන් සඳහා වෛද්‍යවරුන් 16 දෙනෙකු අවශ්‍ය වුවත් එම පිළිකා රෝග ප‍්‍රතිකාරක ඒකකයේ සේවය සඳහා සිටින්නේ වෛද්‍යවරුන් 03 දෙනෙකු පමණක් බවත් ඇය සඳහන් කළාය.
යෝජිත අංගසම්පූර්ණ පිළිකා රෝග ප‍්‍රතිකාරක ඒකකය හා ප‍්‍රදේශයේ ඉහළ යන පිළිකා රෝග තත්ත්වය පිළිබඳ ව ජනාධිපතිතුමන් දැනුවත් කිරීම සඳහා වෛද්‍යවරුන්ට අවස්ථාවක් සලසා දෙන බවත් පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
NDH