මුහුදේ පාවෙන අවි ගබඩා යුගය වෙනුවට යහපාලනය තුළ රට ගොඩනගන සම්පත් රටේ ජනතාවට අත්වන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
හෙතෙම මෙම අදහස් පළ කළේ "සසුනට අරුණ" වැඩසටහන යටතේ තිස්සමහාරාම, දෙබරවැව, ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයකට ඊයේ (11) සහභාගි වෙමිණි.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් 92,000ක් වටිනා සිමෙන්ති කොට්ට 100ක් මෙහිදී ප්‍රදානය කෙරිණි.
එමෙන්ම දෙබරවැව, ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ ඉදිකෙරෙන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අත්තිවාරම් දැමීමේ කටයුතු ද අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් මෙදින සිදුකෙරිණ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ. ඊට අමතර ව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, දකුණු පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රදේශීය දේශපාලන නියෝජිතයෝ, ප්‍රදේශවාසිහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.
DB