නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපත් දිවියකට දරුවන්ට ධර්මය හා විනය කුඩා කළ සිට හුරුපුරුදු කළ යුතුයි

    මාර්තු 11, 2015
    වර්තමාන සමාජයේ උත්සන්න වන අර්බුද හා අසහනකාරී තත්ත්වයට හසුනොවී යහපත් දිවි පෙවෙතක් උදෙසා දරුවන්ට ධර්මය හා විනය කුඩා කළ සිට ම හුරුපුරුදු කළ යුතු බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා එම අදහස පළ කළේ පසුගියදා ගාල්ල දිස්ති‍්‍රක්කයේ තල්ගම්පොළ වත්තහේන ශ‍්‍රී මේධංකර දහම් පාසලේ පැවති වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදීය.
     
    2012/ 2013 වසරවල තරග විභාගවලට ඉදිරිපත් වූ දරුවන්ට තිළිණ හා සහතිකපත‍්‍ර මෙහිදී ප‍්‍රදානය කෙරෙණි.
     
    තවදුරටත් සභාව ඇමතූ අමාත්‍යවරයා, වර්තමාන සමාජයේ අවාසනාවන්ත සිදුවීම් දෙස බලන විට, අපේ සමාජය ධර්මයෙන් ඈත් වූවා නම් අනාගතය කෙබදු වේ දැයි වැඩිහිටියන් කල්පනා කර බලන්න. දහම් පාසලේ වටිනාකමත්, ඊට දරුවන් යොමු කිරීමේ අවශ්‍යතාවත් දෙමාපියන් තේරුම් ගෙන කටයුතු කළ යුතු වෙනවා.
     
    බුදුරජාණන් වහන්සේගෙන් පසුව මේ ධර්මයේ නායකයා කවුදැයි ආනන්ද රහතන් වහන්සේ ප‍්‍රශ්න කළ විට, බුදුන් වහන්සේ ප‍්‍රකාශ කළේ ධර්මයත්, විනයත් මූලික වන බවයි. ඒ අනුව දරුවන්ට ධර්මයත්, විනයත් කුඩා කළ සිට හුරුපුරුදු කිරීමට දහම් පාසලේ අධ්‍යාපනය මහත් පිටුවහලක් සපයනවා. විනය හා ශික්ෂණයෙන් තොර වූ පුද්ගලයා සමාජයට වැඩදායක පරාර්ථකාමියෙකු වන්නේ නැහැ. මහජන නියෝජිතයන් මෙන්ම ප‍්‍රභූන් ද ගමේ දහම් පාසල දියුණු කිරීමට හැකි උපකාර අනුග‍්‍රාහ කිරීමට යහපත් සමාජයක් උදා කිරීමට කරන මහත් පුණ්‍යකර්මයක් බව ද පැවසීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya