නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ’’අදෘශ්‍යමාන ග්ලුකෝමාව පරදවමු’’- ග්ලුකෝමා රෝගය ප්‍රතිකාර මඟින් පාලනය කළ හැකියි

    මාර්තු 10, 2015

    ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ අන්ධභාවයට තුඩුදෙන ප්‍රධාන සාධකය ග්ලුකෝමා රෝගී තත්ත්වය  බවත් ග්ලුකෝමා රෝගය ප්‍රතිකාර මඟින් පාලනය කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

     

     ග්ලුකෝමා සතිය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අද (10) පැවැති ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගීවෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා, මේ බව පැවසී ය.

     

    "ලෝකයේ පුද්ගලයන් මිලියන 39ක් අන්ධභාවයට පත්ව සිටිනවා. මිලියන 246ක් පුද්ගලයන් විවිධ දෘෂ්ටි ආබාධවලට ලක්වෙලා. අප විෂන් 2020 වැඩසටහන ආරම්භ කළේ පිටුදැකිය හැකි අක්ෂි රෝගවලින් ජනතාව මුදවා ගැනීමේ අරමුණින්. ලෝකයේ මිලියන 4.5ක් ග්ලුකෝමා රෝගය නිසා අන්ධභාවයට පත්වෙලා.ශ්‍රී ලංකාවේ අන්ධභාවයට තුඩු දෙන ප්‍රධාන සාධකයක් ග්ලුකෝමා.

     

    මෙවර ග්ලුකෝමා සතියේ තේමාව ‘’අදෘශ්‍යමාන ග්ලුකෝමාව පරදවමු’’ යන්නයි.ග්ලුකෝමා සතිය මාර්තු 9 සිට මාර්තු 13 දින දක්වා ක්‍රියාත්මකය. ග්ලුකෝමා රෝගය කලැතිව හඳුනාගතහොත් පාලනය කිරීම පහසුයි. වයස අවුරුදු 40ට වඩා වැඩි සැවොම වසරකට වරක් ග්ලුකෝමා පරික්ෂාවක් කිරීම කළ යුතුයි. ග්ලුකෝමා රෝගය ඇත්දැයි බැලීමට අක්ෂි සායනයක් රටපුරා පැවැත්වීමට  මාර්තු 12 දින කටයුතු කරන බව පැවසූ වෛද්‍ය පාලිත මහීපාල මහතා, ඒ සඳහා රටපුරා අක්ෂි ඒකක 51ක් ක්‍රියාත්මකයි “ යැයි ද පැවසී ය.

     

    මෙහිදී අඳහස් දැක්වූ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය පැවසුවේ,ග්ලුකෝමා රෝගය පිළිබඳව ජනතාව දනුවත් කිරීමට මාධ්‍ය බෙහෙවින් ඉවහල් වූ බවය.මාර්තු 12 දින කොළඹ අක්ෂි රෝහලේ විශේෂ ගුලුකෝමා අක්ෂි සායනයක් පැවැත්වෙන බවත් එය සියලු දෙනාටම විවෘත බවත් පැවසුවාය.

     

    වයස අවුරුදු 60ට අයත් පුද්ගලයන්ට ග්ලුකෝමා රෝගයේ අවදනම වැඩි බවත් ශ්‍රී ලංකාවේ සියයට 12.3%ක් ග්ලුකෝමා නිසා අන්ධභාවයට පත් වූ බව සමීක්ෂණ මඟින් හෙළි වී ඇති බවත් ඇසේ මිලියන 1.2ක් පවතින ස්නායු තන්තු වලට හානිවීමෙන් මෙම රෝගය ඇති වන බව ''ග්ලුකෝමාව දුරලමු'' මැයෙන් අඳහස් දැක්වූ විශේෂඥ අක්ෂි වෛද්‍ය  ලලිතා සෙනරත් මහත්මිය පැවසුවාය.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya