නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත පිළිබඳ දැනුවත් කෙරේ

    මාර්තු 10, 2015
    තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත් සම්පාදනය මේ වන විට අවසන් වෙමින් පවතින බවත් එම පනත සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
     
    පරණවිතාන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (10) එම අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඒ අනුව මෙහි පළමු වැඩසටහන මේ මස 22දා ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මෙම වැඩපිළිවෙළ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය සහ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශ එක් ව සංවිධානය කරනු ලබයි.
     
    තොරතුරු දැනගැනීමේ පනත ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත්කිරීමෙන් අනතුරුව අදහස් විමසා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ.
     
    මෙහිදී ලේකම් පරණවිතාන මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ව ද අඳහස් දැක්වීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya