බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලට සහ ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලට වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2015 වර්ෂයේ ගත වූ මාස 5 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 14721 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
ශ්‍රී ලංකාව සමඟ පවත්නා ව්‍යාපාර සබඳතා පුළුල් කිරීමටත්, ඒ යටතේ මහා පරිමාණ රථවාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ස්ථාපිත කිරීමටත් ඉන්දියාවේ ටාටා සමාගම පසුගියදා ස්වකැමැත්ත ප්‍රකාශ කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පිළිසරු ජාතික ව්‍යාපෘතිය මගින් සංවිධානය කරන අපද්‍රව්‍ය වෙන් වෙන් ව බැහැරලීම පිළිබඳ දීපව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.