සමස්ත බිංගිරිය ජනතාවට විශාල සේවයක් කළ නිහතමානී දේශපාලන චරිතයක් ලෙස අපවප්රාප්ත කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුණිදාස ප්‍රේමචන්ද්‍ර මහතා හැදින්විය හැකි බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩර මහතා පැවසී ය.
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයානන්ද ඒ. වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් හම්බ කළේ නැති බවත් එතුමා ළඟ තිබූ මුදල් දේශපාලන වෙනුවෙන් වියදම් කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රජයේ ප්‍රධාන බැංකු තුනෙන් පමණක් පසුගිය රජය මඟින් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අය වැයට පිටින් 2014 දෙසැම්බර් 31 වන දිනට රුපියල් කෝටි 10,000ක මුදලක් ලබා ගෙන ඇතැයි ප්‍රතිපත්ති සම්පාදක ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
විදෙස් රටවල රැකියාව සඳහා ගොස් සිටින රට විරුවන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා යෝජනා ක්‍රමයක් පිළිබඳ 2015දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දින 100 වැඩපිළිවෙළ යටතේ සඳහන් වූ බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසීය.