අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන කලාපය) දිවයිනට දකුණු දෙසින් පවතී. එහි බලපෑමෙන් දිවයින පුරාම පාහේ වැසි තත්වය වැඩි වනු ඇතයි අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වාර්ෂිකව සංවිධානය කරන දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඵලදායිතා කව අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් අද (19) මාතර කොටුව - මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.