ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 11 දෙනෙක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
ජගත් පරිසර දිනය (ජුනි 05)නිමිත්තෙන් ''සොබා චලන සිතුවම්'' නමින් දීප ව්‍යාප්ත කෙටි චිත්‍රපට තරඟාවලියක් සංවිධනය කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය හා ඊට අනුබද්ධ ආයතන වන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය හා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය ඵක්ව සංවිධානය කරනු ලබන අලුත් අවුරුදු උත්සවය හෙට (29) වන දින පෙ.ව. 8.00 ට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ඵච්.ඵම්. හාරිස් මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ 07, ටොරින්ටන් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
අප ගන්නා හැම තීරණයක්ම ගන්නේ ජනතාවට බරක් පැටවෙන්නේ නැති ආකාරයටයි. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අප කිසිදු අලූත් බද්දක් පනවා නැහැ. වැට් බදු වැඩිකිරීම අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බලපාන්නේ නැහැ. ගමේ කඩේටත් මෙය බලපාන්නේ නැහැ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.