උතුරු සහ නැගෙනහිර පළාත් හැර දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන විෂන් 2020 වැඩසටහනට සමගාමිීව උතුරු පළාතේ ඇසේ සුද ඉවත් කිරීෙමි ශල්‍යකර්ම 500 ක් නොමිලේ සිදු කිරීමට කටයුතු යොදා ඇත.
මත්ස්‍ය අපනයනය තහනම් කරමින් යුරෝපා සංගමය පනවා තිබූ තහංචි ඉවත් කිරීමත් සමග නෝර්වේ රාජ්‍ය ශ්‍රී ලංකාවේ මත්ස්‍ය වෙළෙඳපොළ සඳහා ඉඩකඩ ලබා දීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති Thorbjørn Gaustadsæther මහතා ප්‍රකාශ කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහළු පර්යන්තයේ දිරි දීමනාව සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත්කෙරේ.