බොළඳ හරසුන් නිර්මාණ වෙනුවට උසස් පිරිපුන් නිර්මාණ වැඩි වැඩියෙන් බිහි කරන්නත් හිස් මිනිසුන් වෙනුවට පරිපූර්ණ මිනිසුන් බිහි කරන්නත් අපි කාගෙත් අවධානය යොමු කළ යුතුව තිබෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.
මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා පත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ස්වාධීන අධිකරණ විනිශ්චය හා නීති වෘත්තිය පිළිබදව විශේෂ කරුණු වාර්තා කරන මොනිකා පින්ටෝ මහත්මිය ඇතුළු එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර
නීති පිළිබදව විශේෂ නියෝජිත පිරිසක් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හමු වූ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
වත්මන් රජයට පවතින ආර්ථිකයට මුහුණ දෙන්න ලොකු ශක්තියක් තිබෙනවා. 21 වැනි ශත වර්ෂයේ ඉන්න අපේ රට හොඳ ආර්ථික මට්ටමක ඉන්නවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.