ගුරුවරු පත් කිරීමේ දී විද්‍යාපීඨවලට පත් කිරීමේ දී කිසිදු දේශපාලනයක් මැදිහත් කරගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මිෂනාරී යුගයේදී අමෙරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලංකාවට පැමිණ බෞද්ධාගම වැළඳගෙන බෞද්ධ පාසල් ඇති කිරීම තුළින් බෞද්ධ අධ්‍යාපනයට නායකත්වය ලබාදීම අති උතුම් ක්‍රියාවක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැරවුම ලක්ෂය ගාල්ල නගරයේ පැවති මැයි දිනයේදී පෙන්නුම් කළ බවත් හුණ්ඩුවත් ලාහත් එකතු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ ගමන ආරම්භ කරන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
2016 වර්ෂයේ ගත වූ මාස 5 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 16110ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.