විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් විදේශ රැකියා ප්‍රවර්ධන අත්පති‍්‍රකා මුද්‍රණය කර බෙදා හරිමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ අංශයට හැකි වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
දිවයින ආසන්නයේ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (13) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ජාතික ආහාර නිෂ්පාදන වැඩ සටහනට සමගාමීව 2016 වර්ෂය තුළදී කෑගල්ල දිස්ත්‍රික්කයේ වානිජ පළතුරු ගම්මාන 40 ක් ආරම්භ කිරිමට සැලසුම්කර ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය කෘෂි කර්ම අධ්යක්ෂ ධනංජනී බණ්ඩාර මෙනවිය සදහන් කරයි.
කෑගල්ල දිස්ත්‍රික් කෘෂි කමිටු රුස්වීම මැයි 17 දින පෙරවරු 9.30 කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.