ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් වන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් අද (17) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණිනි.
කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත තාක්ෂණ විද්‍යා පීඨය ක්‍රමවත්ව හා විධිමත්ව ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් එය ප්‍රමාද නොකරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ශ්‍රී ලංකාව මෙවැනි ආර්ථික සන්ධිස්ථානයකට පැමිණි අවස්ථාවක ජී-07 සමුළුවට සහභාගී වීමට මෙවැනි වේදිකාවක් ලැබීම සතුටට කරුණක් බවත් ජනාධිපතිතුමා ජාත්‍යන්තර දිනාගැනීම මෙයට හේතුවක් බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බැවින් පවතින වැසි සහිත කාලගුණය තරමක් අඩුවනු ඇත. නමුත් තද සුළං තත්ත්වය තවදුරටත් දින කිහිපයක් පවතිනු ඇති බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.