රටේ ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමට ජනමාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තිබෙන බවත් රටක් නොමඟ යැවීමට හෝ සුමඟට යැවීමට ජනමාධ්‍යවේදීන්ට කළ
හැකි බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය මඟින් ක්‍රියාත්මක කළ 2016 වසරේ මුල්භාගය තුළ සංවිධානය කළ ජනමාධ්‍ය ඩිප්ලෝම පාඨමාලා සහ අනෙකුත් මාධ්‍ය පාඨමාලා අධ්‍යයනය කළ සිසු සිසුවියන් හට සහතිකපත් ප්‍රදානය කිරීම අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරිණි.
කොස්ගම, සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාවේ පිපිරුමෙන් අලභහානියට පත් නිවාස 159ක අලුත් වැඩියා කටයුතු ඊයේ දිනවන විට නිමකිරීමට යුද්ධ හමුදාවට හැකි වී තිබෙන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලාස්ථානය නිවේදනය කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් යහපත් ප‍්‍රතිචාර දැක්වූ බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.