අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ අසරණ පිළිකා රෝගීන්ට ප‍්‍රතිකාර සේවා ලබා ගැනීම පහසුකරලීම සහ කැපකරු ක‍්‍රමයක් යටතේ ඔවුන්ට සේවා සැපයීමේ අරමුණින් ,පුලතිසි පිළිකා සුවසරණ සංගමය, පිහිටුවීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්   (07)දින පෙරවරුවේ පොළාන්නරුව මහ රෝහල් ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

    පොළොන්නරුව, ඉසිපතන මාවතේ ඉදිකළ ඉසිපතන ළමා උද්‍යානය  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින්  විවෘත කෙරිණි.

    2020 දී විශ‍්‍රාම නොලබන අතර, රට වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස අඛණ්ඩවම ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනපති පවසයි.

    තමන් 2020 දී විශ‍්‍රාම නොලබන අතර, නව වැඩපිළිවෙළක් ඔස්සේ රට වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස අඛණ්ඩවම ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.

    පසුගිය වසර තුනක මහඟු අත්දැකීම් සමුදාය ඒ සඳහා ආශිර්වාදයක් කර ගන්නා බව ද සඳහන් කළ ජනාධිපතිතුමා රටට සහ ජනතාවට ආදරය කරන අවංක දේශපාලනඥයින් පිරිසක් එම වැඩපිළිවෙළ වටා ඒකරාශී කරගන්නා බව ද සඳහන් කළේය.
    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ  (07)දින පස්වරුවේ මඩකලපුවේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය අමතමිනි.

    “ජාතික සමගියට කම්කරු ජවය“ තේමාව යටතේ දිවයිනේ සියලු පළාත්වලින් පැමිණි ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම කම්කරු රැළියට ජාති, ආගම් බේදයකින් තොරව ද විශාල ජනතාවක් ඒකරාශී වි සිටියහ.
    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රට ගොඩනැගීම සඳහා නව දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරියේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය රටට හඳුන්වා දෙන බවයි. නව ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ලෙස ජතතාවදී පක්ෂයක් බවට පත්කරමින් සහ පක්ෂයේ මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යන බව ද පැවසූ ජනාධිපතිතුමා එම නව වැඩපිළිවෙළට එක්වන්නැයි තමා මේ රටේ සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ද සඳහන් කළේය.

    කිසිදු ජනතාවාදී වැඩපිළිවෙළක් නොමැතිව බලය ලබා ගැනීමට පමණක් සිහින දකිමින් 2020 දී අලුත් ආණ්ඩු සෑදීමට ඇතැමුන් අද සූදානම් වන අතර, එම පිරිස අතර සොරකම් නොකළ සහ මිනිස් ඝාතන සිදු නොකළ අවංක පිරිස කී දෙනක් සිටිනවාදැයි තමන් ප‍්‍රශ්න කරන බවත්, එබැවින් අවංක දේශපාලනඥයින් ලෙස සුදුසු අය පමණක් 2020 දී නව ආණ්ඩු සැදීමට ඒකරාශී වන්නැයි තමන් ආරාධනා කරන බවත් ප‍්‍රකාශ කළේය.

    මේ රටේ අහිංසක ජනතාවගේ හෘද සාක්ෂිය තේරුම්ගත් සහ රටේ ජාතික සමගිය ගොඩනැගීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙළක් මෙන්ම මතු පරපුර වෙනුවෙන් හොඳ රටක් ගොඩනගීමේ නිසි වැඩපිළිවෙළ සහ රටේ ආගම, සංස්කෘතිය සහ සභ්‍යත්වය රකින වැඩපිළිවෙළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සතු අතර එම වැඩපිළිවෙළට නව ජවයක් ලබාදෙමින් ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ජාතීන් අතර සමගිය සහ සහෝදරත්වය ගොඩනැගීම්දී වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ කම්කරු ජනතාවට ඉටුකළ හැකි මෙහෙවර සුවිශේෂී වන අතර රටේ මතු පරපුර වෙනුවෙන් ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළට ඒකරාශි වන්නැයි තමා ඔවුන් සියලුදෙනාට ආරාධනා කරන බව ද පැවසීය.

    හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂ කි‍්‍රයාකාරිහු මීට එක්ව සිටියහ.

    ලෝකයේ ස්වාභවික රබර් සඳහා වන ඉල්ලුම 2025 වන විට වසරකට මෙක්ට්‍රික් ටොන් මිලියන 17 දක්වා ඉහළ යනු ඇති බවට විශේෂඥයින් පුරෝකතනය කර ඇති බැවින් රබර් වගාව වර්ධනය කිරීමටත් කුඩා රබර් හිමියන්ට වැඩි මිලක් ලබාදීම කෙරෙහි ලෝක රබර් සමුළුවේ අවධානය යොමුවිය යුතු බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya