රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව කළ නිර්දේශය වැඩි ඡන්ද 56 කින් අද(02) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.
පාසල් නිවාඩුව අවසන් වීමට පෙර ගුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(02) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලට හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කරන බව, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ(02) පාර්ලිමේන්තුවේදි පැවසීය.