විසර්ජන පනත් කෙටුම්පත 2024 ( අය වැය ) ( දහ නව වැනි වෙන් කළ දිනය ) කාරක සභා අවස්ථාවේ විවාදය අද (5) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුව, දෙසැම්බර් 04 දින පැය 2330 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 520 ක් පමණ උතුරු දෙසින් පැවැති අතර මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර අද, දෙසැම්බර් 05 දින පැය 1130 වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හිටපු ක්‍රීඩක උපුල් තරංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ නියෝජිත ජෝන් කෙරී මහතා අතර හමුවක් (04) සිදු වූ අතර එහිදී නව්‍ය මුලපිරීම් තුළින් දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපතිවරයා අවධාරණය කළේය.