නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විසර්ජන පනත් කෙටුම්පත (අය වැය ) විසි එක්වැනි වෙන් කළ දිනය කාරක සභා අවස්ථාවේ විවාදය අද (07) ආරම්භ විය.

     

     

    ජපන් රජයෙන් යෙන් මිලියන 500 ක නවීන වෛද්‍ය උපකරණ. පළමු අදියර යටතේ යෙන් මිලියන 49 ක වෛද්‍ය උපකරණ ප්‍රදානය කෙරේ.

    මෙරට බෝනොවන රෝග (NCD) පාලනය හා ඒ හේතුවෙන් සිදුවන මරණ අඩු කිරීමේ අරමුණින් ජපන් ජනතාව විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත යෙන් මිලියන 500 ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනෙහි පළමු අදියර වශයෙන් යෙන් මිලියන 49 ක වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරිම (06) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී සිදු කෙරිනි.

    ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ ජපන් ජනරජයේ තානාපති H.E. Mizukoshi Hdeaki මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මෙම සමස්ත ප්‍රදානයන් හි පළමු අදියරට අදාලව Angio-CT යන්ත්‍රය සදහා අවශ්‍ය වන අනෙකුත් විකරණ උපකරණ (Radiology Equipment (Angio-CT Machine), ශල්‍ය උපකරණ කට්ටල (Surgical Instument set), අක්ෂි උපකරණ ( (Automated Refractomter and Three Slit Lams), දැඩි සත්කාර ඒකකයේ ඇඳන් තුනක්, ප්‍රතිසාධන ඇඳක් මෙහිදී ප්‍රදානය කෙරිනි.

    ජපන් ජනරජයේ තානාපති H.E.Mizukoshi Hdeaki මහතා විසින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත නිල වශයෙන් ඉහත ප්‍රදානය ලබාදීම සිදු වූ අතර, සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වෙත එම ප්‍රදානය නිල වශයෙන් බාරදීම ද මෙහිදී සිදු විය.

    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සදහා මෙම ව්‍යාපෘතිය යටතේ Angio-CT යන්ත්‍රයක් හා එම යන්ත්‍රයට අදාලවන නෙකුත් විකිරණ උපකරණ, ඒකක 15 කින් සමන්විත අතිනවීන දන්ත ශල්‍ය ඒකකයක්, අක්ෂි උපකරණ කට්ටලයක්, ශල්‍ය උපකරණ කට්ටලයක්, අක්මා බද්ධ කිරීමේ උපකරණ කට්ටලයක් ඉදිරියේ දී ලැබීමට නියමිතය.

    එමෙන්ම මෙම ව්‍යාපෘතියට අදාලවන දේශීය ප්‍රතිපාදන යටතේ 2024 ජාතික අයවැය මගින් ඉදිකිරීම් ඇතුළුව නවීන හෘද කැතීටකරණ රසායනාගාරයක් සදහා, OPG (දන්ත එක්ස් කිරණ) යන්ත්‍රය මලිදී ගැනීමට, දන්ත වෛද්‍ය ඒකකය ස්ථාපනයට අදාල ප්‍රතිපාදන සදහා ද මුදල්‌ වෙන් කොට ඇත.

    මෙම ප්‍රදානය ලබාගනිමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර වසර 70 කට අධික මිත්‍ර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයක් පවතින බවත්, එම කාලය තුල ජපන් රජය විසින් මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරිම සදහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඉදිකිරීම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය පිහිටුවීමට ආධාර කිරීම, රුධිර බැංකු පිහිටුවීම මෙන්ම වෛද්‍ය උපකරණ, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අතර කුසලතා වැඩි දියුණු කිරීමට විවිධ සහයෝගීතා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ද පැවැසීය. COVID-19 වසංගතය අතරතුර ජපානයේ නිෂ්පාදිත එන්නත් ලබා දීම සහ සීතල දාම යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කළ බව ද ජපන් ජනතාව ලබාදුන් මම පරිත්‍යාගය වෙනුවෙන් මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිය ස්තූතිය පුද කරන බව ද පැවැසීය.

     

    මෙම අවස්ථාවට එක්වෙමින් ජපන් ජනරජයේ තානාපති H.E. Mizukoshi Hdeaki මහතා කියා සිටියේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර වසර 70 කට අධික මිත්‍ර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයක් පවතින බවයි. එවන් සුහද සහ ශක්තිමත් සබඳතාවයක් තවදුරටත් වර්ධනය කර එය මතු පරපුරට දායාද කිරීම අපගේ වගකීමක් බවත්, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ පහනක් ලෙස දිගටම පවතිනු ඇති බව ද පැවැසිය. 1983 දී ජපාන රජයේ ප්‍රදාන ආධාර මත මෙම රෝහල ඉදිකරන ලද බවත්, ශ්‍රී ලංකාවේ පිළිකාව, ආඝාතය සහ දියවැඩියාව ඇතුළු බෝනොවන රෝග සඳහා ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සඳහා නවීනතම උපකරණ මෙම ප්‍රදානය යටතේ ලබාදෙන බව ද පැවැසීය. මෙම ප්‍රථම අදියරේ උපකරණ භාරදීමේදී ප්‍රතිකාර හා ශල්‍යකර්ම හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා දැඩි සත්කාර ඒකකයේ ඇඳන් තුනක්, ප්‍රතිසාධන ඇඳක් ඇතුලු අනෙකුත් උපකරණ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත භාර දෙනු ලබන බව ද පැවසීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ් හේවගේ යන මහත්ම මහත්මින් ඇතුලු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

     

    ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

     

    දැනට වසර 15 කට වඩා පැරණි CT Scan යන්ත්‍ර 03 ක් වෙනුවට නවීන තාක්ෂණයෙන් යුක්ත CT Scan යන්ත්‍ර 03 ක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya