Print this page

උතුරු පළාත් සම්බන්ධීකරණ රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

මාර්තු 04, 2015
උතුරු පළාතේ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විමසා බැලීමේ උතුරු පළාත් සම්බන්ධීකරණ රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
 

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු උතුරේ සිදු කළ ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් එහි ගිය ජනාධිපතිතුමාව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් ඉතා ගෞරවයෙන් පිළිගන්නා ලදී.

 

අනතුරුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුවට ජනාධිපතිතුමා එක්වූ අතර උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පළාතේ සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීහු ඒ සඳහා සහභාගි වී සිටියහ.

 

SDF

 

jaffna pp