දැඩි ආත්ම විශ්වාසයකින් යුතු ව ඍජු තීන්දු තීරණ ගැනීම හේතුවෙන් රටට ජයග්‍රහණ රැසක් අත්කර දීමට පසුගිය කාලය තුළ වත්මන් රජයට හැකි වූ බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ අද (13) පස්වරුවේ මාතලේ යටවත්ත ප්‍රදේශයේ දී එම ජනතාව හමුවෙමිනි.
එක් එක් අයගේ කීමට හිස නමමින් රට පාවාදෙන නායකයෙකුට රට ඉදිරියට ගෙන යා නොහැකි බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා අද අපගේ ඇතැම් දේශපාලඥයින්ගේ වැඩපිළිවෙළ පිළිබඳ ව බුද්ධිමත් ජනතාවක් ලෙස සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද පැවසීය.
අද දිනය පුරා මාතලේ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා අද පස්වරු 5.00ට පමණ මාතලේ යටවත්ත ප්‍රදේශයට ද පැමිණි අතර අතිවිශාල ජනතාවක් ජනාධිපතිතුමා පිළිගන්නට යෙලක්කරේ මංසන්දියට රැස් ව සිටි අතර ඔවුහු මහත් හරසරින් යුතු ව ජනාධිපතිතුමාව පිළිගෙන එතුමාට සිය ආචාරය පුද කර සිටියහ.
අමාත්‍ය රෝහණ කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.
HC/pmu_Pix by: Sudath Silva