නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට ආදරය කරන රට ආරක්ෂා කරන නායකයින්ට පහර ගැසීම එජාපයේ කලාවයි

    දෙසැම්බර් 13, 2014

    රටට ආදරය කරන රට ආරක්ෂා කරන නායකයින්ට පහර ගැසීම එක්සත් ජාතික පක්ෂයේ කලාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

    ප්‍රතිපත්තියක් මෙන් ම නිසි වැඩපිළිවෙළක් නැති ඔවුන්ට ඇත්තේ පහර ගැසීමේ කලාව පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රට, ජාතිය ගැන නොසිතමින් බලය ලබා ගැනීම සඳහා පමණක් ඔවුන් අද විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටින බව ද කියා සිටියේය.

     

    ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ අද (13) මාතලේ ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල දී එම ජනතාව හමුවෙමිනි.

     

    දඹුල්ල ප්‍රදේශයේ දසදහසකට අධික ජනතාවක් ජනාධිපතිතුමා පිළිගන්නට එම ස්ථානයට රැස් ව සිටි අතර මහත් හරසරින් යුතු ව ජනාධිපතිතුමාව පිළිගෙන එතුමා සිය ආචාරය පුද කර සිටියහ.

     

    දඹුල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂු බලමණ්ඩලයේ ලේකම් පූජ්‍ය ඇතාබැඳිවැව උපාලි ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්වරු ඇතුළු පළාත්සභා හා පළාත් සභා දේශපාලඥයින් රැසක් ද එක් ව සිටියහ.


    HC/pmu_Pix by: Sudath Silva  

    Dambulla President Attends Campaign Meeting

     

    Dambulla President Attends Campaign Meeting

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya