ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) පස්වරුවේ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ පැවති ජය අභිමානී වැඩසටහනට එක්වෙමිනි.
1991වසරේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නගර සභා, ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මැතිවරණ සඳහා තරගකොට තේරී පත් නො වූ අපේක්ෂකයන් වෙනුවෙන් මෙම හමුව සංවිධානය කොට තිබුණි.
වැඩිදුරටත් ඔවුන් ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ වත්මන් රජය මේ රටේ ජනාතවට දැනෙන සංවර්ධන වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කළ බවයි.
ඡන්ද බලාගෙන ජනතාව අඳුරේ තැබීමට රජය කටයුතු නොකළ අතර ම කළ යුතු සංවර්ධන කාර්යයන් නිසි කලට වේලාවට ඉටුකරමින් ජනතාවගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ම කටයුතු කළ බවද පෙන්වා දුන්නේය.
අද සංවර්ධනයේ ප්‍රතිලාභ ජනාතව නිසි ලෙස භුක්ති විඳීමට පටන්ගෙන තිබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා එම ජනතාවගේ අපේක්ෂාවන් රට තවතවත් සංවර්ධනයෙන් ඉදිරියට ගෙන යාම බවත් ඒ සඳහා අත්වැල් බැඳගෙන අවසන් බවත් පැවසීය.
නියෝජිතයන් 6500ක් පමණ පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන් මහත් හරසරින් යුතු ව මෙහිදී ජනාධිපතිතුමාව පිළිගත්හ.
අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, තිස්ස අත්තනායක, නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
DB/ Pix By : Nishanka de Silva