දේශපාලන වශයෙන් කිසිවෙකුටත් මඩ ගැසීමට තමන් සූදානම් නොමැති බවත් බොරු ප්රචාරවලට නොරැවටී මාතෘ භූමිය දිනවන ගමන ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනා එක්විය යුතු බව ද ජනාධිපතිතුමා කීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප්රකාශ කළේ ඊයේ (12) අකුරැස්සේ පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.
එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් වූ තම මංගල ජන රැලියට අති විශාල ජනකායක් සහභාගි වී සිටි බවත් ඉන් අනතුරු ව එල්ටීටීඊ ත්රස්ත ක්රියාකාරකම් හේතුවෙන් අවසන් වරට බෝම්බයක් පිපිරුණු ප්රදේශය වන අකුරැස්ස ප්රදේශය වෙත තමන් පැමිණි බවත් ජනාධිපතිතිමා මෙහිදී පෙන්වා දුන්නේය.
"අපි අවුරුදු 30ක් යුද්ධ කළා. අපි බලයට පැමිණ වසර 4ක් වැනි සුළු කාලයක් තුළ ත්රස්තවාදය නිමා කළා. රට සංවර්ධනය කළා. එදා පැය ගණන් කොළඹට හෝ මාතරට යන්න ගත වූ වේලාව අද පැයකට පමණ ආසන්න වේලාවක් බවට පත් වෙලා තිබෙනවා. ඊළඟ පරමාර්ථය ඔබේ දරුවා වෙනුවෙන් මේ රට හදන්න".
වත්මන් ආණ්ඩුවට පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙන අතර ම ආණ්ඩුව සමඟ පුද්ගලයෝ නො ව පක්ෂ ඒකරාශී වී සිටින බවත් පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔබ අප කෙරෙහි දෙපාරක් විශ්වාසය තබා කටයුතු කළ බවත් එම විශ්වාසය වර්තමානයේ මෙන් ම අනාගතයේ දී ද කඩ කිරීම සිදු නොකරන බවත් පෙන්වා දුන්නේය.
"රටක් දියුණුවන විට රටත් සමඟ ඉදිරියට යා යුතුයි. දරුවෝ ලෝකයත් සමඟ ඉදිරියට යා යුතුයි. අනාගත ලෝකය දිනන්නයි ඔබ කටයුතු කළ යුත්තේ".
"රුහුණු ගිරුවායේ හැදුණු මම දැන් රටේ ම ජනතාව වෙනුවෙන් වැඩ කරනවා".
තැබූ විශ්වාසයේ කිසිදු අඩුවක් නොමැති බවත් රටේ අනාගතය වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරාවි යැයි දැඩි විශ්වාසයෙන් යුතු ව සියලු දෙනාට සුබ අනාගතයක් ප්රාර්ථනා කරන බවත් ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් ප්රකාශ කර සිටියේය.
DB