නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නේපාලයට

    නොවැම්බර් 25, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නොවැ: 25 සිට 27දක්වා නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 18වැනි සාර්ක් සමුළුවට සහභාගිවීම සඳහා අද (25) උදෑසන දිවයිනෙන් පිටත් ව ගිය අතර නේපාලයේ ට්‍රිභූවාන් ගුවන් තොටුපල වෙත ළඟා වී ඇත.
     
    සාර්ක් සමුළුව හෙට (26) ආරම්භ වනු ඇත. සාර්ක් සංවිධානයේ සියලු ම රාජ්‍ය නායකයන් බ්‍රහස්පතින්දා හවස පැවැත්වෙන සමාප්ති උත්සවයට සහභාගිවීමට පෙර එදින උදෑසන දුලිකෙල්හි (Dhulikhel)පැවැත්වෙන විවේකි හමුවට ද සහභාගි වනු ඇත.
     
    සාර්ක් රාජ්‍ය නායකයන් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
     
    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනවිරත්න මහත් මහත්මීහු ශ්‍රී ලංකා දූත කණ්ඩායමට අයත් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya