විහාරස්ථාන 3,000ක් ප්‍රතිසංස්කරණය කළා. දහම් පාසල් 2,500කට පමණ මූල්‍යාධාර ලබා දුන්නා. පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකරන්න, කොත්මලේ මහවැලි මහා සෑයේ ඉදිකිරීම්වලට උදව් කළ බවත් ජනාධිපතිතුමා පැවසීය.
ජනාධිපතිතුමා මේ බව පැවසුවේ පසුගියදා ඓතිහාසික සෝමාවතී රාජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද ධර්ම ශාලා මන්දිරය විවෘත කරමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා මෙසේ ද පැවසීය. "ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයා වන්දනා මාන කරන්න එන සැදැහැවතුන් දහස් ගණනක් වෙනුවෙන් මේ අලංකාර මහා මන්දිරය ඉදිකර මහා සංඝරත්නයට පවරන අවස්ථාවට එක්වීමට ලැබීම මම ලබපු පරණ පිනක් කියලයි මම හිතන්නේ. සෝමාවතී චෛත්‍ය රාජයාණන්ගේ ආශ්චර්ය මේ රටේ හැම කෙනෙක් ම දන්නවා. මේ පුණ්‍යකර්මයට දායක වෙන්න අපට හැකි වුණේ සිරිපාල ගම්ලත් අපේ ඇමතිතුමාගේ හා එම මැතිණියගේත් දුවා දරුවන්ගේත් පූර්ණ අනුග්‍රහය මතයි.
පහමුණේ සුමංගල හාමුදුරුවන්ට වගේ ම ඇමතිතුමාටත් අපේ සතුට පිරිනමන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිධන් කර ක්‍රි.පූ. 2 වන සියවසේ මෙය ඉදිකළේ. කාළිංග මාඝ ආක්‍රමණයෙන් මුළු උතුරුකරය ම වෙහෙර විහාර විනාශ වෙලා, මේ ඓතිහාසික විහාරස්ථානයත් විනාශ වූ බව ඔබ දන්නවා. සියවස් ගණනාවක් මේ පුදබිම කැලෑ වැදිලා තිබුණා. මහනුවර මල්වතු විහාරයේ සිරිමල්වත්තේ පියරතන හාමුදුරවෝ මැදිහත්වීමෙන් මේ ස්ථානය නැවතත් පුදබිමක් බවට පත් වුණා. නමුත් ඔබ දන්නවා තිස් අවුරුදු යුද උවදුර මේ විහාරස්ථානය පාළුවට යන්න, කැලෑවක් බවට පත්වෙන්න, ත්‍රස්තවාදීන් චූඩා මාණික්‍ය උදුරා ගන්න, ගලවා ගන්න හැදුවා. අප ත්‍රස්තවාදය අවසන් කරලා කැලෑවක් ව පැවති මේ පුදබිම හා පුදබිමට එන පාර සම්පූර්ණයෙන් ම කාපට් කරලා හදල දුන්නේ මේ රටේ ජනතාවට වැඳුපුදා ගන්නයි. මේ පුදබිම අපටත් සම්බන්ධකම් තියෙනවා. මේක රුහුණු, පිහිටි, මායා කියන රාජ්‍යවල රුහුණට අයිති පුදබිමක්. ගිරුවායේ අපේ ගම්බිම් මේ පුදබිමට පූජා කර තියෙනවා.
එක් යුගයක උතුරු නැගෙනහිර පන්සල්වල හාමුදුරුවරු ත්‍රස්තවාදීන්ට බයේ පන්සල් අතහැලා ගියේ නැහැ. මේ ගම්බ්ම්වල අහිංසක ජනතාවත් ආරක්ෂා කර ගනිමින් රට රැකගත්ත අපේ හාමුදුරුවරු ඉන්නවා. ශාසනයට විතරක් නෙවෙයි රටත් ජාතියත් රැකගැනීමේ අයිතියත් වගකීමත් අපට තියෙනවා. මම විශ්වාස කරන විදිහට ශානය රැකුනොත් තමා බුදු දහමත් ආරක්ෂා වෙන්නේ කියා. මීට අවුරු 04කට 05කට කලින් මේ ප්‍ර දේශය තිබුණු අභාග්‍ය සම්පන්න බව ඔබ වහන්සේලා දන්නවා. අපි දන්නවා පොලොන්නරුවේ ජීවිත කීයත් ත්‍රස්තවාදීන් බිලිගත්තා ද කියලා. ඒ නිසා ඒ අඳුරු යුගය නිමා වුණාට පස්සේ තමයි ජනතාවට නිදහසේ මලක්, පහනක් පූජා කරන්න හැකි වුණේ යැයි " ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
NDH/WK-BG dmu polonnaruwa