දකුණු ආසියානු රාජ්‍ය නායක සමුළුව හෙට (26) ආරම්භ වීමට නියමිතය. දකුණු ආසියානු කලාපයේ රාජ්‍ය නායකයන් ඇතුලු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් දින දෙකක කාලයක් පුරා පැවැත්වෙන මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ දහ අටවන වරටය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී සාර්ක් රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතය.
"සාමය සමෘද්ධිය වෙනුවෙන් සාමූහිකව ක්‍රියා කරමු" යන්න මෙවර සමුළුවේ තේමාව වී ඇත.
සාර්ක් ආශ්‍රිත කටයුතුවලට අමතර ව රාජපක්ෂ මැතිතුමා ගෞතම බුදුන් වහන්සේගේ උපත සිදු වූ ලුම්බිණියේ සංචාරයකට ද එක්වනු ඇත. එහිදී වන්දනාකරුවන්ගේ දුටුගැමුණු නේවාසිකාගාරය, බෞද්ධ විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලක් සහ අලුතින් ඉදිකෙරුණු පාලමක් ද ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට නියමිතය. එතුමා මායා දේවි පන්සලට සහ ලංකාරාමයට ද යනු ඇත.
පසුගිය අගෝස්තු මාසයේ සාර්ක් සංවිධානයේ මහ ලේකම් අර්ජුනු බී. තාපා මහතා මහනුවර ජනාධිපති මන්දිරයේ දී රාජපක්ෂ මැතිතුමා හමු වී සමුළුව සඳහා ඇති සූදානම පිළිබඳ ව දැනුවත් කළේය.
ජනාධිපතිතුමා සහ මහලේකම්වරයා අතර ඇති වූ එම සාකච්ඡාවේ දී කලාපය තුළ සාර්ක් සංවිධානය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ ව හා එය දකුණු ආසියාවේ පමණක් නොව ජාත්‍යන්තරව ද ආර්ථික සංවර්ධනය සඳහා දායක වන්නක් ලෙස ස්ථාපිත කිරීම පිළිබඳ ව සාමාජිකයන් අතර නැවත පණගැන්වීමට ද ඇති උනන්දුව පිළිබඳ ව ද අවාධනය යොමු විය.
සමුළුවට සමඟාමී ව අනෙකුත් සාර්ක් රාජ්‍ය නායකයන් සමග රාජපක්ෂ ජනාධිපතිතුමා ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට ද නියමිතය.
DB