පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන මතය විමසූ ලියවිල්ල හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කිරීමට පෙර එහි සත්‍ය අසත්‍යභාවය මෙන් ම එය සහතික කළ පිටපතක් ද යන්න විමසා බැලිය යුතු බව ද ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහත්වරු මතු කළ විරෝධය සැලකිල්ලට ගෙන කතානායකවරයා මේ බව දැනුම් දුන්නේය.
මෙම තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 10 දෙනෙකු අත්සන් කර ඇති බව කියා නඩු තීන්දුව සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම තීන්දුව එම මන්ත්‍රීවරයාට ලැබුණේ කෙසේද යන්න සොයා බලන ලෙසත් ඉල්ලා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අස්වර් මහතා මෙය සොරකම් කර ඇති බව ද කීය.
සොරකම් කළා නම් එයත් දක්ෂකමක් යැයි කී කතානායකවරයා දැනට අතේ ඇති පිටපත සභාගත කරන ලෙස ඉල්ලා සිටියේය.
පිටු 29කින් සමන්විත අදාළ නඩු තීන්දුවේ පිටපත සියලු දෙනාට ම දැන ගැනීම සඳහා සභාගත කරන ලෙස ද අමරතුංග මහතා මෙහිදී ඉල්ලා සිටියේය.
NDH/HC