නිපුන සහල් පුද්ගලික සමාගමේ කෝටි 10ක පූර්ණ ධන පරිත්‍යාගයෙන් අභිනව දෙමහල් ධර්ම මන්දිරය ඉදිකර ඇත. මෙය සියලු පහසුකම්වලින් සමන්විතය.
ඊයේ දහවල් සෝමාවතී පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත් හි නිරත ව ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව විහාරාධිපති පූජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. ප්‍රදේශයේ අති විශාල ජනතාවක් ද සෝමාවතී පුදබිමට රැස් ව සිටි අතර ඔවුන්ගේ තොරතුරු විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.
අමාත්‍ය සී.බී. රත්නායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි, උතුරු මැදි පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB