දශක තුනක් රට විනාශ කළ ත්‍රස්තවාදය නිමාකර රටට දැවැන්ත සංවර්ධනයක් ද ගෙන එමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය උදා කළේ ද ජනාධිපතිතුමා බව පෙන්වා දුන් ඔවුහු, එතුමාවන් නිර්භීත නායකත්වයක් රටට ලබාදිය හැකි වෙනත් නායකයෙකු රට තුළ නොමැති බව ද කියා සිටියහ.
ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් තවදුරටත් රට ඉදිරියට ගෙන යාමට, රටට ආදරය කරන සියලු ජනතාව පෙළගැසී සිටින බව ද ඔවුහු පෙන්වා දුන්හ.
පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහජන නියෝජිතයෝ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් ඊයේ (23) පස්වරුවේ සෝමාවතී මහ බැංකු නිවාඩු නිකේතනයේ පැවති අතර එහිදී මේ බව ප්‍රකාශ කළහ.
පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන කටයුතුවල ප්‍රගතිය මෙන් ම ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනීම මෙහිදී සිදු විය.
අමාත්‍ය සී.බී. රත්නායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, පළාත් අමාත්‍ය පුංචිබණ්ඩා රත්නායක යන මහත්වරු සමඟ උතුරු මැද පළාත් සභාවේ පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
NDH/pmu_pix by Nishanka de Silva