නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර සඳහිරු සෑ ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම ජනපති සුරතින් සිදුකෙරේ

    නොවැම්බර් 23, 2014

    සිව්දෙසින් වැඩම කළ හයදහසකට අධික මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අනුරාධපුර සඳහිරු සෑ ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම ලක්ෂ සංඛ්‍යාත බොදු බැතිමතුන්ගේ සාදුකාර මධ්‍යයේ අද (23) අනුරාධපුරයේ දී සිදු කරනු ලැබීය.

    මේ මහා පුණ්‍යෝත්සවයට අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ ප්‍රමූඛ මහා සංඝරත්නය ද ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ද අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු මැතිඇමතිවරුන් ද රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීහු ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

     

    ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉදිකෙරෙන සඳහිරු සෑයට වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 30කි. තිස් වසරක කුරිරු යුද්ධයේදී මියගිය සියලුදෙනාට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් අනුරාධපුර පූජාභූමියේ සඳහිරු සෑය ඉදිකෙරේ.

     

    දුටුගැමුණු රජ දවස ඓතිහාසික රුවන්වැලි මහා සෑයේ ධාතු නිධන් කළ ආකාරයෙන් ම සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සිදුවිය. රන් කිලෝ ග‍්‍රෑම් 12ක වැඩ හිඳින පිළිම වහන්සේ නමක් සහ පිළිම වහන්සේට සෙවණ සපයන රන් බෝධියක්, ඡත්‍රයක් ඇතුළු නිධන් වස්තු එහි තැන්පත් කෙරිණි. රන්පත්වල ලියන ලද ති‍්‍රපිටකය සහ රිදී පත්ඉරුවල ලියන ලද පිරිවානා පොත් වහන්සේ, වැසි පිරිත සහ ගිනි පිරිත ද එහි අද තැන්පත් කෙරිණි.

     

    HC/pmu_Pix by: Sudath Silva

    Anuradhapura Sandahiru Seya  President Places Omniscient Sacred Relics 1

     

    Anuradhapura Sandahiru Seya  President Places Omniscient Sacred Relics 2

     

    Anuradhapura Sandahiru Seya  President Places Omniscient Sacred Relics 3

     

    Anuradhapura Sandahiru Seya  President Places Omniscient Sacred Relics 5

     

    Anuradhapura Sandahiru Seya  President Places Omniscient Sacred Relics 4

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya