දැදුරු ඔය ජලාශ පරිශ්‍රයේ දී අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවති මහෝත්සවයේ දී ජනාධිපතිතුමා දැදුරු ඔය මංගල දියවර මුදාහැරීමට එක්විය.
මේ ව්‍යාපෘතිය මඟින් පවුල් 150,000කට වැඩි පිරිසකට පානීය ජලය සැපීයමට ද වගාබිම් අක්කර 30000කට වැඩි ප්‍රමාණයකට ජලය සැපයීමට ද කටයුතු කෙරෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වේ.
මුළුමනින් ම දේශීය ඉංජිනේරු තාක්ෂණයෙන් ඉදිකරන ලද මෙම දැදුරු ඔය ව්‍යාපෘතිය මඟින් ජලවිදුලිය ද නිපදවීමට කටයුතු කර තිබෙන අතර වාර්ෂිකව ජලය ඝන මීටර් මිලියන දහසක් මේ මඟින් මුදා හැරීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
HC/Pix by : Nishanka de Silva