නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළට ජනපතිට උපහාර

    නොවැම්බර් 20, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ දේශීය කිරි ගොවීන් අතර හමුවක් අද (20) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
     
    දිවයිනම නියෝජනය කරමින් කිරි ගොවීන් පන්දහසක් පමණ ඊට එක් ව සිටි අතර දේශීය කිරි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් ලබාදුන් කිරි ගොවීන්ට තිළිණ ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවා කිරි ගොවීන් ශක්තිමත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනයන වැඩපිළිවෙළට උපහාර පුද කරමින් කිරි ගොවීන් විසින් එතුමා වෙත උපහාර තිළිණයක් ද පිළිගැන්වීය.
     
    අමාත්‍යවරුන් වන ආරුමුගන් තොන්ඩමන්, මහාචාර්ය ජී.එල්. පීරිස්, නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල, ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB
     
    05
     
     
    08

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya