නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට ආශිර්වාද පතා විහාරස්ථාන රැසක ආගමික වතාවත්

    නොවැම්බර් 19, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනයට ආශිර්වාද පළ කරමින් ඊයේ (18) විහාරස්ථාන රැසක ආගමික වතාවත් සිදු කෙරිණි.
     
    ජනාධිපතිතුමාගේ ජන්ම දිනයට ආශිර්වාද පතා විශේෂ බෝධි පූජා පිංකමක් ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද ඊයේ පස්වරුවේ එම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත් හි නිරත විය. බෙල්ලන්විල රජ මහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන් වහන්සේ විසින් එහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ඌව පාර්ශවයේ මහානායක පූජ්‍ය අඹේවෙල පඤ්ඤාසාර නායක හිමිපාණන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ මහා නායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා ද මෙහිදී සෙත් පිරිසත් සජ්ඣායනා කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. 
     
    අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් ද, ප්‍රදේශවාසී අති විශාල ජනතාවක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    අනතුරුව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරත වූ අතර ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    මේ අතර ජනාධිපතිතුමාගේ ජන්ම දිනයට ආශිර්වාද පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණාවක් ඊයේ රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නායක හිමිපාණන් වහන්සේ එහි මුලසුන හෙබවූහ.
     
    මහා සංඝරත්නය 125නමක් උදෙසා දානමය පුණ්‍යකර්මයක් ද අද (19) දහවල් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
     
    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අති පූජ්‍ය දවුල්දෙන ඥානීස්සර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මෙම දානමය පුණ්‍යකර්මය සිදු කෙරිණි.
     
    අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමැතිවරු ද මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB
     
    HE BD 1
     
     
    HE BD 2
     
    10
     
    HE BD 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya